ගැඹුරු කුහරයකට ඇදවැටුණු තවත් දරුවෙකු ජීවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දෙසැම්බර් 31 වනදා වියට්නාමයේ වැඩබිමක කොන්ක්‍රීට් පිරවීම සඳහා සකසා තිබූ කුහරයක් වෙත ඇදවැටුණු කුඩා දරුවකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

වයස අවුරුදු 10 වයසැති තායි ලී හෝ නාම් නමැති මෙම දරුවා සිය මිතුරන් සමග පසුගිය දෙසැම්බර් මස 31වැනිදා මෙම වැඩබිමට පැමිණ ඇත්තේ ඉවතලන ලෝහ කැබලි එක් රැස් කිරීම සඳහාය. එහිදී දරුවා එහි තිබූ අඩි 35ක් ගැඹුරැති, සෙන්ටිමීටර් 25ක් පමණක් පළලකින් යුක්ත වූ කොන්ක්‍රීට් පිරවීම සඳහා සකසා තිබූ කුහරයක් වෙත ඇද වැටී තිබේ. අනතුරින් පැය භාගයක් තුළ මුදගැනීමේ කණ්ඩායම් එහි පැමිණ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුහරය වඩාත් පටුවීම හේතුවෙන්, දරුවා මුදාගැනීම අපහසු වුවද මුදා ගැනීමේ කණ්ඩායම් දරුවාගේ දිවි බේරාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරූ බවද එම මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

 

 

මෙන්න බලන්න තවත් පුවත්