නිකුත් වීමට නියමිත හැරී කුමරුගේ ස්වයං චරිතාපදානය වන ‘ස්පෙයාර්’ හි හැරී කුමරුට තම සහෝදරයා වන විලියම් කුමරු විසින් කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මේ වන විට විදෙස් මාධ්‍ය කළඹා තිබෙනවා.

ද ගාර්ඩියන් විසින් එම ගැටුම විස්තර කරන්නේ වර්තමානයේ වේල්ස් කුමරු වන විලියම් සහ හැරී කුමරු අතර මෙම ගැටුම ඇති වීමට හේතුව වී ඇත්තේ, හැරී විසින් තම ජීවන සහකාරිය ලෙස මේගන් මාක්ල් තෝරා ගැනීම සම්බන්ධ ආරවුලක් බවයි.

2019 වසරේ දී ලන්ඩන්හි පිහිටි නිවස්නයේ දී ඇති වූවා යැයි කියන මෙම ගැටුම අතරතුර දී විලියම් කුමරු විසින් හැරී කුමරුගේ කරපටියෙන් ඇද බිම පෙරළාගෙන පහර දුන් බවත්, එම ගැටුම හේතුවෙන් හැරී කුමරුගේ උරහිස තුවාල වූ බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

කෙසේ නමුත් ද ගාර්ඩියන් වාර්තා කරන්නේ, ලබන සතියේ ලොව පුරා ප්‍රකාශයට පත් කිරීමට නියමිත හැරී කුමරුගේ ස්වයං චරිතාපදානය වන ‘ස්පෙයාර්’ තුළින් බ්‍රිතාන්‍ය රජ පවුල පිළිබඳ බරපතල කෝපයක් ජනතාව තුළ ඇති කිරීමට ඉඩ සලසනු ඇති බවයි.

“ඔහු මේගන්ට කරදකාරී, නපුරු, අශිෂ්ට කාන්තාවක් බවට චෝදනා කළා..!” යනුවෙන් හැරී කුමරු අනාවරණය කර තිබෙනවා.

එසේම සිදුව ඇති, අතිශය අමානුෂික සිදුවීම ගැන හැරී පැහැදිලි කර ඇත්තෙ මේ අයුරින්.

“ඔහු මට වෙනත් නමක් කියා කෑ ගසමින් මා වෙත පැන්නා. ඒක ඉතාමත් වේගෙන් සිද්ධ වුණේ. ඔහු මගේ කරපටියෙන් අල්ලලා, මගේ මාලය ඉරලා බිමට තල්ලු කළා. මම අන්තිමට බල්ලාට කෑම දෙන පිඟාන උඩට වැටුණා. මම එතැනම වැතිරිලා තුෂ්ණිම්භූත වෙලා, පස්සෙ නැඟිටලා ඔහුට එළියට යන්න කිව්වා..”

ද ගාඩියන් සහ ඩේලිමේල් ඇසුරිනි.

මෙන්න බලන්න තවත් පුවත්