ගලේවෙල ප්‍රෙද්ශයේ ව්‍යාපාරිකයකුට අයත් තොග බඩු බෙදා හරින ලොරි රථයක තිබු රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් මංකොල්ල කා පලායමින් සිටි සිව් දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් පසුපස හඹා ගොස් එක් සැකකරුවකු හා යතුරුපැදියක් සමග අල්ලා පොලිසියට බාර දීමට කොල්ලකෑමට ලක්වූ ලොරි රථයේ රියදුරා ඇතුලු ලොරි රථයේ සිටි පිරිස සමත්ව තිබෙනවා.

ගිරානේගම පොලිස් බල ප්‍රෙද්ශයට අයත් පැල්බැදියාව මනම්පේරිගම ප්‍රෙද්ශයේදී ඊයේ රාත්‍රියේ අදාළ කොල්ලකෑම සිදුව තිබෙනවා.

මාර්ග පරීක්ෂා රාජකාරී ස්වභාවයෙන් යතුරු පැදි දෙකකින් පැමිණ පොලිස් කබායකින් සැරසී සිටි අයෙකු ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු මනම්පේරිගම ජනශූන්‍ය ප්‍රෙදේශයකදී පරීක්ෂා කිරීමේ මුවාවෙන් අදාළ ලොරි රථය නවතා සැකකරුවන් අදාළ ලොරි රථයේ තිබූ රුපියල්ලක්ෂ 35ක පමණ ප්‍රමාණයක් රැගෙන පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

කොල්ලකෑමට ලක්වූ ලොරි රථයේ රියදුරැ එතැන් පටන් පලායමින් සිටි කොල්ලකරුවන් කිලෝමීටර් 05ක් පමණ හඹා ගොස් ඇති අතර එහිදී එක් යතුරුපැදියක් හා එහි ගමන් කරමින් සිටී සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකු අල්ලා ගැනීමට ලොරි රථ රියදුරා ඇතුලු ලොරි රථයේ ගමන්ගත් පිරිස සමත්ව තිබෙනවා.

මංකොල්ල කෑ මුදල් රැගත් සෙසු සැකකරුවන් දෙදෙනා ඔවුන් පැමිණී යතුරු පැදියෙන් වෙනත් මාර්ගයක් ඔස්සේ පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවෙ වහා ක්‍රියාත්මකව ඇති මකුල්ගස්වැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් එම සැකකරු හා යතුරු පැදිය ද එම ස්ථානයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුනා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වාරියපොල බංඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙක්.

ඔහු කලක් යුධ හමුදා සේවයේ නිරතව සිට ඇති අයෙකු බවද පොලිසිය පවසනවා.

මෙම මංකොල්ලය සම්බන්ධයෙන් ගිරානේගම පොලිස් ස්ථානය මගින් මේ වනවිට වැඩිදුර විමර්ශණ සිදුකරන අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහාද පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්