ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවෙනි විස්සයි විස්ස තරඟයේදී වාර්තා කිහිපයක් තැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

නෙත් ගොසිප් ඒ පිළිබඳව තබන සටහනක් මේ.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 206 ක් ලබා ගනු ලැබුවා.

විස්සයි විස්ස තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාව පසු කරනු ලැබුවේ 2018 මාර්තු මාසයට පසුව වන අතර මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ලකුණු 200 සීමාව පසු කරනු ලැබුවේ බංගලාදේශයට එරෙහිවයි.

මෙය ඉන්දියාවට එරෙහිව ලබා ගත් දෙවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙනවා.එමෙන්ම මෙය විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාව ලබාගත් 07 වෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර 2009 වසරේදී මොහාලි වලදීද ලකුණු 206 ක් ලබා ගැනු ලැබූවා.

එමෙන්ම අද තරඟය වන විට පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස පිටියේදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් අතර 08 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිනියා.

මෙන්න බලන්න තවත් පුවත්