හිතන්න යමක්.මේ සිද්දිය උනේ හරියටම 2023 ආරම්බයේ දවසක.ඒ කියන්නේ 2023.01.02

ලස්සන කෙල්ලක් බස් එකෙන් බහිනවා.කුරුනෑගල බෝගහගාව බස් නතර කරන තැන.එයා බස් එකෙන් බැහැල එයාගේ බෝයි එක්ක කොහෙ හරි යන්න වෙන් ඇති.මොකද හෙල්මට් 2ක් අරගෙන ඒ කෙල්ල බස් එකෙන් බහිද්දිම කොල්ලෙක් එතනට ආව.

ඒ කෙල්ල බස් එකෙන් බහිද්දිම බස් එකේ ඉදන් මෙහෙනින් වහන්සේ කෙනෙකුත් බහින්න හදනවා.මෙහෙනින් වහන්සේ නම් ලෙඩ වෙලා වගේ.ගොඩක් වසසයි.අතක තුවලයක් වෙලුම් පටියකින් වෙලලා.ඒක දැක්ක ගමන් අර කෙල්ල බස් එක ගාවට දුවං ගියා.ඉක්මනට මෙහෙනින් වහන්සේට බහින්න උදවු කලා.

ඊට පස්සේ බොහොම පරිස්සමට මෙහෙනින් වහන්සේ ව බැස්සුව.තවත් දෙන්නෙක් එකට උදවු කලා.මෙහෙනින් වහන්සේ බැස්සට පස්සේ එයාල ගිය හැබැයි අර කෙල්ල ගියෙ නෑ.එයා අර මෙහෙනින් වහන්සේ එක්ක මොනද කතා කලා.මං හිතන්නේ මෙහෙනින් වහන්සේට කොහෙ හරි යන්න වෙලා හැබැයි කය ගොඩක් දුර්වලයි.

ඒ පාර අර බයික් එකෙ ආව කොල්ලත් එතෙන්න ආවා.කොල්ල ප‍ර්ස් එකඇද්දා කෙල්ලත් පර්ස් එක ඇදල මං දැක්ක විදියට යම්සැලකිය යුතු මුදලක් දෙන්නම එකතු වෙලා අතට ගත්තා.ඊට පස්සේ ඒ මෙහෙනින් වහන්සේව ත්‍රීවිල් එකට ගොඩ කරා.මෙහෙනින් වහන්සේට මුදලක් දුන්නා.ත්‍රීවිල් එකේ කෙනාටත් මුදලක් දීලා.මෙහෙනින් වහන්සේම කොහෙ හරි අදාල ඉස්තානයට පරිස්සමට යැවුවා.

ඊට පස්සේ කොල්ල ගෙනාව හෙල්මට් එකක් දාගෙන එයල කොහෙහරි ගියා.

ඒ කෙල්ලටයි කොල්ලටයි යන්න හැදුව ගමන යන්න තිබ්බ නෙද..ඒත් එයාල එහෙම ගියේ නැ
ඔබ මම අපි හැමෝම මේ මහ පොලොවේ පය ගහන මිනිස්සු නොවෙන්න පුලුවන් .. ඒත් ඔබට මට දැනෙන හැමදේම හැමෝටම දැනෙනව. .දුක සතුට එක්ක දෝලනය වෙන ජීවිතෙ එක නිමේෂයක තව කෙනෙක් ගැන හිතන්න පුලුවන්නම්…මේ රට මීට වඩා ලස්සන වෙයි නේද.

තෙරුවන් සරනයි
Credit – Jeewan Manoj Gunasekar

මෙන්න බලන්න තවත් පුවත්