මාධ්‍යවේදියෙක් විදිහට බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙච්ච දක්ෂ පුද්ගලයෙක් තමයි කලිදු කරුණාරත්න කියන්නේ.ඔහු සමග විවාහ විමට සිටියේ ජනප්‍රිය නිලියක් වන මනිෂා චන්චලා සමගයි. එත් මනිෂා එම සම්බන්ධයට තිත තබා නවක හුරුබුහුටි නළුවෙක් සමගින් ආදර සම්බන්දතාවයක් පටන් අරගෙන තිබෙනවා. ඒ පිළිබද මනිෂා පවසන්නේ මේ වගේ අදහසක් සමහරු ආදරේදී රගපානවා.එයාලා සැබෑ ජිවිතේදීත් රගපානවා. මන් මගේ පළමු ආදරෙන් ගොඩක් රැවටුනා. එයා මාව ගොඩක් රවට්ටුවා. අපි ඇත්තටම ආදරේ කරනවානම් අපි එහෙම රැවටෙන්න ඕනේ නෑ. එම දෙපල මෙම මස විවාහ වීමට සිටින බවද අපට දැනගන්නට ලැබුනා.

කලිදු අදහස් දක්වා තිබෙන්නේ මෙසේය

“ඉස්කෝලේ යන කාලේ පොඩි පොඩි ප්‍රේම සම්බන්ධතා තිබ්බා…. ඒත් හිත ගත්තු ප්‍රේමය ඇය කිව්වොත් හරි. 2019 වර්ෂය මැද තමයි අපි ආදරය කරන්න පටන් ගත්තෙ. අවුරුදු 03ක ආදර කතාවකට අප්‍රේල් මාස තිත තිබ්බා….. ඒ මගේ වුවමනාවට නෙවෙයි එයාගේ උවමනාවට. එදත් අදත් හෙටත් මම ඇයට ගරු කරනවා. එනිසා අපි ගෞරවනීය විදිහට කතා කතාබහ කරලා අයින් වුණා….

මම හේතු ඇහුවේ නෑ… ඇය හේතු කිව්වෙත් නෑ. හේතුව හොයන්න ගියොත් මට හිත හදාගන්න අමාරුයි….. ඒ නිසා එයාට ඇහුම්කන් දීලා සමුදුන්නා. හිතුවෙ නැති වෙලාවක තමයි එයා මට කතා කරලා අපි මේ සම්බන්ධ නතර කරමු කියලා කිව්වේ… එයාට නිදහස ඕන ඇති. ඒ නිසා අමාරුවෙන් උනත් මම එයාට යන්න දුන්නා…

මගේ කැමැත්තට විතරක් අපේ ආදරේ තිබිලා වැඩක් නෑ. එක පාරක් විශ්වාසය බින්ඳ කෙනා නැවත වතාවක් ඒ දේ කරන්න දෙපාරක් හිතන්නේ නෑ…. දැන් මගේ විශ්වාසය බිඳිලා ඉවරයි. ආයෙ බාරගන්නෙ නෑ. එයා ආයෙ එයි කියලා හිතන්නෙත් නෑ…. වෙන්න තිබ්බ දෙයක් වුණා

මෙන්න බලන්න තවත් පුවත්