
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සන ද අදාළ ලිපියේ දැක්වෙන්නේ කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය ඉදිකරමින් පවතින බවත් මේ වනවිටත් දේශීය හා විදේශීය ගිහිපැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිල මුදල්, රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවට ද කරුණු අනාවරණය වෙමින් ඇති බවයි.
බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන අයුරින් සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් ද මහානායක ස්වාමීන්වහන්සේලාගේ අවධානය යොමුවී තිබෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති පරිදි බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ කාර්යභාරයට බැඳී සිටින රජය විසින් මෙවැනි අබෞද්ධ ක්‍රියා වළක්වාලීමට කටයුතු කිරීමට පියවර ගතයුතු බවද සඳහන් කර ඇත. ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්නැයි ද අස්ගිරි සහ මල්වතු මනානායක ස්වාමීන්වහන්සේලා සිහිපත් කර තිබේ.
අදාළ ලිපිය පහතින්,