නිතර නිතර කන්තලේ ළමා උද්‍යානයට පැමිණි කිඹුලා මරා දමලා.

කන්තලේ ළමා උද්‍යානයේ දැඩි ලෙස තුවාල සිදුව මියගිය අඩි 6 ක පමණ කිඹුලෙකු වනජීවී නිලධාරින් විසින් පෙරේදා (3දා) උදෑසන සොයාගෙන තිබුණ අතර සතාගේ හිසට පහරදී ඇති බවට සැක පළකරයි.

පේරාරු ගම්මානයේ ඉදිකර ඇති ළමා උද්‍යානය තුළ හිසට බරපතළ තුවාල සිදුවී මරණයට පත්ව සිටි මෙම කිඹුලා බොහෝ කලක සිට ළමා උද්‍යානයට නිතර පැමිණෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රධාන ඇල මාර්ගයක් ආසන්නයේම මෙම ළමා උද්‍යානය ඉදිකිරීම පිළිබඳව කලක පටන්ම ප්‍රදේශවාසීන් තම විරෝධය දක්වා සිටියද අදාළ බලධාරින් නිසි පියවර නොගැනීම නිසා දැඩි ආරක්ෂිත සත්වයකු වන මෙම කිඹුලාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටී.

කන්තලේ වනජීවී කාර්යාලයේ අඩවි වන නිලධාරි අචින්ත මහතා සඳහන් කර සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවයි.

මෙන්න බලන්න තවත් පුවත්