තරුණියකට කැලැන්ඩරයක් නොලැබීම හේතුවෙන් වෙළඳසැල් හිමියෙක් මුහුණ දුන් අකරතැබ්බයක් සම්බන්ධ පුවතක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එම පුවතට අනුව නව වසර උදා වීමට දින කිහිපයකට පෙර නිවසට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට ආ තරුණියක් වෙළෙඳසැලේ මුදලාලිගෙන් කැලැන්ඩරයක් ඉල්ලා තිබෙනවා.

එහිදී මුදලාලි එම තරුණියට පවසා ඇත්තේ මෙවර කැලැන්ඩර මුද්‍රණය කළ නොකළ බවකි.

මුදලාලිගේ එම ප්‍රකාශයෙන් තරුණිය කුපති වී ඇති අතර තරුණිය මුදලාලිට පවසා ඇත්තේ තමාට කැලැන්ඩරයක් ලබා නොදෙන්නේ නම් තමා මුදලාලිට එරෙහිව දේවාලයට ගොස් පොල් ගසන බවයි.

කෙසේ නමුත් මුදලාලි අවස්ථා කිහිපකදී පවතින ආර්ථික තත්ත්වය මත මුද්‍රණ වියදම් අධික වීමෙන් මේ වසරේ කැලැන්ඩර් මුද්‍රණය නොකළ බව පෙන්වා දී තිබෙනවා.

එහෙත් මුදලාලිගේ ප්‍රකාශ පිළිගැනීමට අකමැති වූ තරුණිය පෙන්වා දී ඇත්තේ තමා රුපියල් 5000කටත් අධික මුදලක් වැය කළේ කැලැන්ඩරයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි.

මෙන්න බලන්න තවත් පුවත්