මේ රටේ ගත් වැරදි තීන්දු අද රට බංකොලොත්භාවයට හේතු වී තිබෙන බව  සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කරයි.

විදේශ සබඳතා නැති කරමින් ළිංමැඬි ආර්ථිකයට ගෙනවිත් බංකොලොත්භාවය දක්වා අරගෙන ආපු පාලන යුග දෙකක් ඇති කරන්න ජනතා විමුක්ති පෙරමුණ දායක වුණ බවත් ඔහු කියා සිටී.

ඔහු බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

2023 වසර තීරණාත්මක වසරක් අපි හිතනවා. මේ රටේ ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ ආණ්ඩුව වෙනස් කරන්න. ඒ වගේම ඒ අයගේ බලාපොරොත්තුව නිවැරදි සහ හරි තීන්දුවක් වෙන්න ඕන කියලා. මේ රටේ ගත් වැරදි තීන්දු අද රට බංකොලොත්භාවයට හේතුවක් වනවා. අපි 1994 ඉතාම හොඳ ආර්ථිකයක් තිබුණු රටක්. ඒ වෙලාවේ ගෙන ආවා විහාරමහාදේවි කෙනෙක්. ඒකට ඔය ජනතා විමුක්ති පෙරමුණත් උදවු කරා. අපේ ආර්ථිකය එක තැන පල් වුණා. ජනතා විමුක්ති පෙරමුණ අපිට බැණ බැණ ගියාට මේ රටේ 94 ඉඳලා ගත්තම දශක දෙකක් මේ රට බංකොලොත් කරපු අපනයන ආර්ථිකය නැති කරපු රටවල් එක්ක තිබුණු විදේශ සබඳතා නැති කරලා ළිංමැඬි ආර්ථිකයට ගෙනල්ලා බංකොලොත්භාවය දක්වා අරගෙන ආපු පාලන යුග දෙකක් ඇති කරන්න දායක වුණ ජනතා විමුක්ති පෙරමුණ දැන් 74ක ශාපයක් කිය කිය බයිලා ගහනවා “

newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්