
ඊයේ ( 26) සවස පිරිසක් සමග හිදෝගම පොලිස් වසමේ දිවුල්වැව වැවේ නාන තොටුපළෙහි දිය නාමින් සිටි තරුණියක දියේ ගිලී මිය ගොස් තිබෙන බව වාර්තා වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 21ක් වූ වටරැක, පාදුක්ක ප්රදේශයේ පදිංචිකාරිනියකි.
ගම්වැසියෙකු සහ තරුණිය සමග පැමිණි පිරිස ඇය බේරාගෙන නෙළුබෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර අනුරාධපුර ප්රදේශයේ වන්දනා චාරිකාවක් සඳහා පැමිණ සිටි කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු දිය නාමින් සිටියදී මෙම තරුණිය දියේ ගිලී ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
හිදෝගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.