විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 25 වන දින ගම්පහ පොලිස් වසමේ අංක 145/01/ඒ, අමුනුගොඩ, ඉඔල්ගොඩ යන ලිපිනයේ නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පසුගිය 24 වන දින මිනුවන්ගොඩ, මාකේවිට මවිලි සුපර් හාර්ඩ්වෙයර් හී සිදුවු මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම, ජීව අත්බෝම්බයන් සන්තකයේ තබා ගැනීම, හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් සිදුකිරීමේ වරදට වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්බෝම්බයක් හා හෙරොයින් ග්‍රෑම් 16.2 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්