ලාංකේය සංගීත කේෂත්‍රය තුළ නිරන්තරව කතාබහට ලක්වන වන තරු අතරින් රයිනි චාරුකා ගුණතිලක නම් ඇය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනූ තාරකාවක්.

ගායන හැකියාව උපතින්ම උරුම ඇය මේ දිනවල චිත්‍රපට කටයුත්තක් සඳහා සූදානම් වෙනවා.

ඒ පිළිබඳ ඇය පුවත්පත් සාකච්ඡාවකදී මෙලෙස පවසා සිටියා,

 Short Film එක ගැන කීවොත් එය “කඳුළට හිත බය හින්දා – The Series Season – 01.” නිෂ්පාදනය මගේ. අධ්‍යක්ෂණය ධනුෂ්ක රත්නායක මහතාගේ. මෙය “කළුවරට හිත බය හින්දා” මගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ කතාව තවදුරටත් වැඩිදියුණු කිරීමක්. එවැනි දෙයක් කරපු ලංකාවේ පළමු ආර්ටිස් මමයි. මෙහි මා, දර්ශන් තලවරාජා, මනුරංග විජේසේකර, අංජුලා මනතුංග (දිල්හානි ඒකනායක මහත්මියගේ දයාබර ලේලිය) සහ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම සිටිනවා.

නොවැම්බර් 30 වැනිදා එය එළිදක්වනවා.

මම කවදාවත් මගේ මවුපියන්ගේම තවත් කොපියක් වුණේ නැහැ. ඔවුන් මවුපියන් නිසා ඔවුන්ගේ ආභාසයන් මිශ්‍ර වීමක් මා තුළ තිබුණත් මටම අනන්‍ය වූ කැරැක්ටර් එකක්, Personality එකක් වගේම මටම ආවේණික ඉලක්ක සහ සිහින ටිකතුත් තිබෙනවා. ඒ සියල්ලේම එකතුවෙනුයි රයිනි චාරුකාව නිර්මාණය වන්නේ. මට උපතින් ලැබුණු කිසිවක් ලංකාවට ගැළපෙන විධියට මම වෙනස් කළේ නැහැ. ඔබට බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනෑ නම් තමන්ටම ආවේණික ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්න සෑම විටම තමන් තමන්ට අවංක වෙන්න, තමන් තමන් විධියටම පෙනී සිටින්න මේ ක්‍ෂේත්‍ර තුළ නමක් රඳවන්න පුළුවන් වෙන්නේ අපි අපිම වුණොත් පමණයි. සාර්ථකත්වය කියන්නේ තමන් තමන් වෙන එක මිස ක්‍ෂේත්‍රය තුළ මවාපෑමක් සමඟ ජීවත් වීම නෙමෙයි. එවිට ජීවිත නඩත්තු කිරීම හරි පහසුයි. අමුතුවෙන් මවාපාන්න දෙයක් ඒ තුළ නැහැ.

ඒ වගේම ඇය ගීත තෝරාගැනීමේදී සැලකිලිමත් වන කාරණා පිලිබද මෙලෙස පවසා සිටියා,

ගීතය මට ලස්සන නම්, දැනෙනවා නම් මම ඒක කරනවා. ඒ ගීය Slowද Fastද යන දෙය මට අදාළ නැහැ. අතිශය බර වචන සහ අතිශය සරල වචන තිබෙන ගීතවලටත් මම කැමැති නැහැ. මගේ තේරීම ඒ දෙක අතර මැදිව ගලායන වචන සහිත ගීත. මගේ ගීත පොදුවේ සෑම වයස් සීමාවකටම, සෑම වර්ගයකම ගීතවලට ප්‍රිය කරන පිරිසට ගැළපිය යුතුයි. එක් ශෛලියකට කොටු වෙන්න මම කැමැති නැහැ. මම තමයි අදටත් ලංකාවේ Reggae ශෛලියට ගීත ගායනා කරන එකම කාන්තා නියෝජනය. Reggae ශෛලිය ප්‍රිය කරන ප්‍රජාව ඇතුළේ “Princess of Reggae’’ යන අන්වර්ථ නාමයත් මට පටබැඳී තිබෙනවා. ජය ශ්‍රී  වගේම චින්ති සමඟ කළ කාන්දම් දෑස, චරුමිනි ඔච්චම් ගීත දෙකත් Reggae. නීල කඳු ගැටේ සින්දුවත් එහෙමයි. මගේ අනෙක් සින්දු හැම එකක්ම Reggae ශෛලියට ප්ලේ කරන්න පුළුවන් සින්දු.

ගීත කලාව තුළ බිහින නව පරපුර ගැන ඇය මෙසේ පැවසුවා,

ඇතැමෙක්ට 100%ක්ම සින්දු  කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තාක්ෂණය හෝ වෙනත් ක්‍රමයක් උපයෝගි කොටගෙන සින්දු කීමටත්, යම් රසාස්වාදයක් උත්පාදනය කිරීමටත් දක්ෂතාවක් තිබිය යුතුයි. ජාත්‍යන්තරය තුළ එවැනි අතිශය ජනප්‍රිය ආර්ටිස්ලා ඕනෑ තරම් සිටිනවා.

සාර්ථක ආර්ටිස් කෙනෙක් වීමට 100%ක් දක්ෂතාව තිබිය යුතු නැහැ. රසිකයන් පිනවීමේ හැකියාව, නර්තය, ගායනය වැනි කුමක් හෝ ඔබ සතු නම් කලාව තුළ තම පැවැත්ම නිර්මාණය කරමින් බ්‍රෑන්ඩ් එකක් විය හැකියි. ලංකාව තුළත් එවැනි ආර්ටිස්ලා ඕනෑ තරම් සිටිනවා.

ඇයගේ ඉදිරි නිර්මාණ, 

ගිය නොවැම්බර් මාසයේ කළුවරයට හිත බය හින්දා ගීතය හා වීඩියෝව එළිදැක්වුණා. ළහිරු පෙරේරා සමඟ තව ගීත 02කුත්, තවත් අලුත් ගීතයකුත් කළා. ඒවා ඉදිරියේදී ඒවි.

ඔබ ජීවිතය හා ආදරය සම්බන්ධව යම් ආකාරයක සිත් තැවුලකින් පසුවන බව පැවැසෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වුණා. ඇත්තටම මොකක්ද ඒ පිටුපස ඇති සෑබෑ කතාව… ඒ ගැන ඇය පැවසුවේ මේ විදිහටයි,

මා ආදර සම්බන්ධතාව ගොඩනඟා ගත්තේ අවුරුදු 18ක් වැනි කුඩා වයසින්. ඔහු මට වඩා අවුරුදු 07ක් වැඩිමහල්. අපි යාළුවෙලා අවුරුදු 13කුත්, විවාහ ජීවිතය තුළ අවුරුදු 06කුත් එකට ගත කළා. ඔහු ඇත්තටම හරිම හොඳ හදවතක් ඇති ගෞරවනීය චරිතයක්. නමුත් අපි හැමෝම මිනිස්සු. ජීවිතයේ අපි සිතන _ පතන විධිය වයසත් සමඟ වෙනස් වෙනවා. දරුවන් සහ වෙනත් හේතු මත ජීවිතයේ ඇතැම් සිදුවීම්, පීඩන ඉවසමින් පවුලක් විධියට එකට සිටිය හැකි අවස්ථා තිබෙනවා. ලෝකයට පෙනෙන්නට එසේ කරන අයත් සිටිනවා. දෙදෙනෙක් අතර නොගැළපීම්, මත-භේද ඇති නම්, ලස්සන කපල් එකක් විධියට පිටතට පෙනෙන්න පමණක් ඉඳලා වැඩක් නැහැ. ජීවිත ලස්සනට ඉදිරියට ගලාගෙන යෑමට පර්සනල් ලයිෆ් එක තුළ ගැළපීමත් තිබිය යුතුයි. මම ආදරය උපරිමයෙන්ම බලාපොරොත්තු වන අයෙක්. නමුත් ජීවිතයට ආදරය පමණක්ම ප්‍රමාණවත් නැහැ. අප තුළ තිබෙන ආදරය අනෙකාට පෙන්වීමටත් දැනගත යුතුයි. මට කුඩා කල සිට ආදරය උපරිමයෙන් ලැබුණා. මම අතිශය සංවේදියි. මා මුහුණදුන් ප්‍රශ්න හමුවේ පසුගිය කාලයේ මා අධිකව මානසික ආතතියට පත්වුණා. එනිසා පෞද්ගලික හේතු කාරණා 02ක් මත මම ජීවිතයේ එක්තරා වැදගත් තීරණයක් ගත්තා.

නැවතත් ඔබට දැනෙන විධියේ ආදරයක් ලැබේවි කියා විශ්වාසයක් ඔබට තිබෙනවාද?

අනිවාර්යයෙන්ම. මට නම් ආදරය නැතිව ජීවත් වෙන්න බැහැ. එනිසා අනාගතයේ දිනෙක මම නැවතත් ආදරයක් විඳීවි, ආදරය කරාවි. නමුත් නැවත විවාහයකට යයිද කියන එක නම් නිශ්චිතවම කියන්න බැහැ. ආදරණීය බැඳීමක් පවත්වාගෙන යෑමට විවාහ විය යුතුම නැහැ.

හදගැස්ම පුවත්පතෙන්

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්