මේ වන විට රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ප්‍රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට නිවසට ආසන්න ප්‍රදේශවලට මාරුවීම් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධව සාකච්ඡාවක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම් පවත්වා ඇති අතර
ණය පොළී අනුපාත ඉහළ ගොස් තිබෙන බැවින් වාරික මුදල් ගෙවාගත නොහැකිවීමේ සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමෙන් වැඩි මුදලක් වියදම් කර බස් රථවලින් රාජකාරියට ගොස් ජීවත්විය නොහැකි වීමේ ගැටලුවකට රාජ්‍ය සේවකයන් මුහුණ දී සිටින බව අකිල විරාජ් කාරියවසම් සදහන් කරයි.

මේ පිලිබද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධව මහ බැංකුව ඇතුළු රජයේ ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් රාජ්‍ය සේවකයන්ට නිවසකට ආසන්න කාර්යාලයක් ලබා දීම සඳහා නිශ්චිත කාලයක් තුළ වැඩපිළිවෙළක් සකස් කරන බවත්ය.

එමෙන්ම මෙම වැඩසටහන සකස් කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක සමරතුංග තමන් සමග පෞද්ගලිකව සාකච්ඡා කළ බව ද ඔහු කියා සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්