මහල් නිවාස සංකීර්ණයකින් තුන්වන මහලෙන් කුඩා දරුවෙකු පහළට විසිකිරීමේ පුවතක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් වාර්තා වේ.

ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ දී සිදු වූ එම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවෙකු බව පොලීසිය පවසයි.

මෙම දරුවා පහළට විසිකර ඇත්තේ අදාළ දරුවාගේ මවගේ සොහොයුරා විසින් බවට පොලීසිය සැකපළකරයි.

එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.

මෙන්න බලන්න තවත් පුවත්