ඊයේ (24) සවස් කාලයේදී වාලච්චේන පොලිස් වසමේ මඩකලපුව සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරට ලක් වී තිබුණ අතර එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

එලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 34ක් වූ අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම අනතුර බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් සිදු වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙන්න බලන්න තවත් පුවත්