පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස පත් වූ තිලංග සුමතිපාල මහතාව එම ධූරය සදහා නොපිලි ගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 5ක් විසින් දැනුම්දී තිබේ.

එම පක්ෂ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා වන මහින්ද අමරවීර මහතා ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවෙන් තිලංග සුමතිපාල මහතා පත් කිරීම සම්බන්ධයේ වූ පුවත මාධ්‍ය මඟින් දුටු විට විමතියට පත් වූ බවයි.

එම නිවේදනය මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන යාපා, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ මහ ලේකම්, ඩග්ලස් දේවානන්දා, ජාතික ක්‍රොංගසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම්. ආතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංග නවරත්න, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. කලංසූරිය යන අයගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්