පසුගියදා මියන්මාරයේ පැවැත්වූ “Mrs Grand International -2022“ තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂවරයා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව එම තරගයට ඉදිරිපත් වූ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගත් රසාංගි චාමිකා මහත්මිය ඊයේ (21) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියා.

මෙරට තහනම් මත්ද්‍රව්‍යයක් වන ගංජා නොහොත් ඔහු පැවසූ ආකාරයට ජොයින්ට් එකක් ගහන්න රැයක් සිටීමට පැමිණෙන ලෙසත් ඇයට දුරකතනයෙන් ආරාධනා කළ බවත් ඇය පැවසුවා.

එමෙන්ම තමන් යහළුවෙක් සමඟ පැමිණෙන බවට කළ දැනුම් දීමට අනුව ඔහු තමන්ට හිමි පහසුකම් කපා හැර මියන්මාරයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කළ බව ද ඇය ප්‍රකාශ කර සිටියා.

එහිදී ඊට අදාළව හඬ පටය ද මාධ්‍යවේදීන්ට ඇය මුදා හළ තිබුණි.

සේවාදායිකාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කීරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඇයගේ නීතිඥ සඳරුවන් සේනානායක මහතා සදහන් කලා.

අද (22) Mrs grand international හි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයාට එරෙහිව එන්තරවාසියක් යොමු කරන බවත් ඔහු සිදු කරන ඉදිරි වැඩසටහන් සඳහා වාරණ නියෝගයක් ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්