එංගලන්තයේ IQ පරීක්ෂණයකින් ඉහළින්ම සමත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දියණියක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා අතර දැඩි කතා බහට ලක්වනවා.

ඇය නමින් අරියානා හීමාල් ධර්මසේන .

10 හැවිරිදි අරියානා ලොවෙහි විශිෂ්ට විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා යමින් Mensa බුද්ධි පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් හිමිකරගෙන ඇති අතර, එය “genius” මට්ටම ලෙස හඳුන්වා ඇත.

මෙම දක්ෂතාව හේතුවෙන් ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකත්වය ද පිරිනමා තිබේ.

ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම 160ක් ලෙස ඇස්තමේන්තුකර ඇති හෙයින් ඇයගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ මට්ටම ඉක්මවා යාමක්බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකර තිබේ.

අයින්ස්ටයින්ටත් වඩා IQ ඉහළයි.ආරියානාගේ මෙම දක්ෂතාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය රැසක පුවත් පළකර තිබිණි.

අරියානා දැරියගේ මවුපියන් වන ජානක දඹරව හේවගේ සහ මේකලා පෙරේරා බ්‍රිතාන්‍යයේ හඩර්ස්ෆීල්ඩ්හි පදිංචිවී සිටිති.

පොත් වලට ප්‍රිය කරන ඇය ගණිතය සහ විද්‍යාව කෙරෙහි දැඩි ඇල්මක් දකවයි. යෝක්ෂයර් ලයිව් විසින් වාර්තා කරන ලද පරිදි, ඇය අධ්‍යාපනය ලබන්නේ, හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ ය.

ඇයගේ අනාගත බලාපොරොත්තුව කවදා හෝ ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීමයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්