චාමික කරුණාරත්න පසුගිය වසරේ IPL තරග සඳහා ඔහු ක්‍රීඩා කළ කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායමෙන් නිදහස් කොට ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඔහුට අමතරව ආබාධයට ලක්ව සිටින දුශ්මන්ත චමීර ද ගුජරාට් ටයිටය්ස් කණ්ඩායයෙම් නිදහස් කොට ඇති අතර කෙසේ නමුත් මෙරට ක්‍රීඩයක් සිව් දෙනෙකු තව දුරටත් IPL තරග සඳහා පෙර වසරේ ක්‍රීඩා කළ කණ්ඩායම් තුළම තරග වදින බව වාර්තා වේ.

ඒ අනුව ලොව අංක එකේ 20යි 20 පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය වසරේදි මෙන්ම මෙම වසර තුළද රෝයල් චැලෙන්ජස් බැංගලොර් කණ්ඩායම සඳහා තරග වදින අතර භානුක රාජපක්ෂ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සඳහා තරග වදිනු ඇත.

ඊට අමතරව මහීෂ් තීක්ෂණට සහ මතීෂ පතිරණ පසුගිය වසරේදී මෙන්ම මෙම වසර තුළද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්