සජිත් ප්‍රේමදාස යනු කොන්ද කෙළින් තබාගෙන තීන්දු ගත නොහැකි දේශපාලනඥයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි

සජිත් ප්‍රේමදාස, පනතකට විරුද්ධව අත උස්සන්න හෝ පාර්ලිමේන්තුවේ හරි තීන්දුවක් ගන්න බැරි පුද්ගලයෙකු බවත් එවැනි පුද්ගලයෙක් සමග හිටගෙන ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත හැකිද බවත් ඔහු පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,.

“සජිත් කියන්නේ කොන්දක් නැති කෙනෙක්. කිසි ම ප්‍රතිපත්තියක් නෑ. පාර්ලිමේන්තු තීන්දුවක් ගන්න බෑ. එහෙව් කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යමක් කරයි ද? පොදු සටනක් ආවම ඒකට ඔළුව දාලා ජනතා සටනේ නායකයා වෙන්න තමයි එයා දඟලන්නේ. ඒ ගොල්ලන්ට පාර කපන අයත් රටේ ඉන්නවානේ. ඒක තමයි ප්‍රශ්නේ. සමහරු කියනවා මේ අරගලයට ජාතික ජන බලවේගය ආවේ නෑ කියලා. ඔව් අපි ගියේ නෑ. ඒක පැහැදිලියි. මොකද අපි විශ්වාස කරනවා එවැනි කණ්ඩායමක් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න අපිට බැහැ කියලා.”

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්