ලෝක ජනගහණයෙන් අති විශාල පිරිසකට වැළඳෙන සුලබ නමුත් අතිශය වේදනාකාරී රෝගයකි ආතරයිටිස්.

 

අත පයේ සුළු කැක්කුම් වලින් ආරම්භව, අවසානයේ ඔබව පූර්ණ වශයෙන් අකර්මණ්‍ය කරවන මෙම රෝගයේ ප්‍රභේදයන් 150 කට අධි සංඛ්‍යාවක් ඇති අතර බාල මහළු තරුණ කිසිදු බේදයකින් තොරව ජීවිතේ ඕනෑම අවධියකදි ඔබව මෙම රෝගයට බඳුන් විය හැකිය.

 

බටහිර වෛද්‍ය විද්‍යාවේදි මෙම ආතරයිටිස් රෝගීන් නිට්ටාවට සුවපත් කිරීම බොහෝ සෙයින් අපහසු වන අතර, ඇතම් අවස්ථාවල ශෛල්‍ය කර්මයන්ද සිදු කරන මුත් එයිනුත් බොහෝ විට පූර්ණ වශයෙන් සුවපත් වන්නන් අඩුය.

 

කෙසේ නමු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මෙම ආතරයිටිස් වර්ග සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම හා විසඳුම් ඇති අතර, එහිදි රෝගියෙකුට අවශ්‍ය වන්නේ ඒ සඳහා පළපුරුදු දක්ෂ වෛද්‍යවරයෙකු සොයා ගැනීම පමණි.

 

ආතරයිටිස් රෝගීන් දහස් ගණනක් එලෙස සුවපත් කළ වෛද්‍යවරියකි ආයුර්වේද වෛද්‍යාචාරිනි චාන්දනී වික්‍රමාඅරච්චි වෛද්‍යතුමිය.

 

ඇය සඳහන් කර සිටින අන්දමට ආතරයිටිස් රෝගයේ මූලික අවධියේදි උදෑසන නින්දෙන් පිබිදුනු විට පාදය බිම තැබිය නොහැකි ආකාරයට විළුඹෙහි වේදනාවක් හට ගන්නා අතර, ඔබට ආතරයිටිස් වැළඳී ඇති බවට පෙන්වන ප්‍රථම සඤ්ඤාව එය වේ.

 

ඊට අමතරව ඇතැම්විට උදෑසන නින්දෙන් පිබිදුනු වහාම අත්වල ඇඟිලි නැවීමට දිග ඇරීමට නොහැකිව වේදනා දීමට පටන් ගන්නා අතර, එයද සුළු වේලාවකට පසුව පහව යයි.

 

මෙම ලක්ෂණ දෙකින් එකක් හෝයම් කිසි අයෙකුට ඇත්නම් එය ආතරයිටිස් වැළඳී ඇති බවට පෙන්වන ඉඟියක් වන අතර ඒ සැනින් ප්‍රතිකාර සඳහා යොමු වීම තුළින් බොහෝ අයහපත් ප්‍රතිඵල වළක්වාගත හැකි වේ.

 

යම් හෙයකින් මූලික අවධියේදි මේ සඳහා ප්‍රතිකාර කිරීමට නොහැකි වුව හොත් එම රෝගය ශරීරයේ සියළුම කුඩා හා මහා සන්ධි කරා ගමන් කර රෝගීයා අසාධ්‍ය තත්ත්වයට පත් කරන අතර එවැනි තත්ත්වයට පත් වූ රෝගීන් හට බොහෝ දුරට එක්තැන්ව ජීවත් වීමට සිදු වනු ඇත.

 

ලොව පුරා ආතරයිටිස් ප්‍රභේද 166 ක් පමණ ඇති අතර ඉන් වඩාත් දරුණුතම වර්ගය ලෙස සැළකෙන්නේ රුමටොයිඩ් නම් ප්‍රභේදයයි එය මුළු ශරීරය පුරාම ඇති සන්ධි සියල්ල අඩපණ කරමින් රෝගියා එක්තැන් කිරීමටතරම් සමත් තත්ත්වයක් වන අතර, ඒ ආකාරයටම නොමැති වුවද ඉන් පසුව වැළඳිය හැකි බරපතළම ආතරයිටිස් රෝගය ලෙස සැලකිය හැකි වන්නේ ඔස්ටියෝ යන වර්ගයයි.

 

ඔස්ටියෝ නම් ආතරයිටිස් ප්‍රභේදයේදි රෝගියාගේ අත් හා පාද වල සන්ධි වලට බලපෑම් සිදුවේ.

 

මෙහිදි  වෛද්‍යතුමියට අනුව ඕනෑම බරපතළ ආතරයිටිස් රෝගයක් සඳහාම ආයුර්වේදය තුළ ප්‍රතිකාර ඇති අතර, ඇය සඳහන් කර සිටින පරිදි ඇය සතුව ආතරයිටිස් වර්ග 166 ක් සමනය කළ හැකි විශ්මිත ඖෂධීය තෙල් වර්ගයක් ඇත.

 

වසර ගණනාවක් පුරාවට ආතරයිටිස් රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කොට ඔවුන් සුව කර ඇති මෙතුමියගේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවශ්‍ය වන අයෙකු වෙතොත්  071 – 346 42 76 යන අංක ඇමතීමෙන් ඒ සඳහා දිනයක් වේලාවක් වෙන් කර ගත හැකි වන අතර, එමෙන්ම  සිද්ධාදී වෙද මැදුර, අංක 345, නගර සීමා මාවත, අතුරුගිරිය පාර, හෝමාගම. යන ලිපිනය වෙත පැමිණීම තුළින්ද වෛද්‍යවරිය හමුවිය හැකිය.

 

මෙම ලිපිය වෛද්‍යතුමිය හා කෙරුණු සාරාර්ථ සාකච්ඡාව මත පදනම්ව ලියූවක් වන අතර, පහත සඳහන් යොමුව තුළින් ඔබට ආතරයිට්ස් පිළිබඳව සියළු කරුණු පැහැදිලි කෙරෙන සම්පූර්ණ වැඩ සටහන නැරඹීමේ හැකියාවක් පවතී.

 

අදාළ වැඩසටහන මෙතනින් නරඹන්න https://youtu.be/PYRbncW6b3U

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්