අද(14)  මග්ගොන සිට හල්කඳවිල දක්වා ගමන් ගත් යතුරු පැදියක ගෑටි මාර්ගය හරහා ගමන්ගත් කාන්තාවක් මියගොස් තිබේ.

බේරුවල ,මග්ගොන හල්කඳවිල බස් මාර්ගයේ වේල්ල හංදිය ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ හල්කඳවිල වේල්ල හන්දියේ පදිංචිව සිටි ඒ .වයි නන්දාවතී(70) නැමැති විවාහක කාන්තාවකි.

මෙම කාන්තාව ඊයේ උදෑසන අසළ වෙළඳ සැලකට පැමිණ මාර්ගය හරහා නිවසට යමින් සිටියදී මග්ගොන සිට හල්කඳවිල දෙසට අඹු සැමි යුවලක් ගමන් ගත් යතුරු පැදියක් ධාවනය වී ඇති අතර එම අවස්ථාවේ ප්‍රදේශයේ මද වර්ෂාවක් ද පතිත වී ඇති අතර එහිදී එම අනතුර සිදුවී තුවාල ලැබූ කාන්තාව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇතැයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැවසීය.

යතුරුපැදිකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි අයකු බවත් ඔහු විවාහ වී තිබෙන මග්ගොන කුමාරකන්ද නිවසේ සිට කිසියම් පෞද්ගලික අවශ්‍යතාවයකට සිය බිරිඳ සමග යතුරු පැදියෙන් යටදොලවත්ත හරහාමතුගම නගරයට ගමන් කරන සිටියදී අවාසනාවන්ත ලෙස මෙම අනතුරට මුහුණ දීමට සිදුව තිබෙන බව කියයි.

අනතුර සිදුකළ 32 හැවිරිදි පුද්ගලයා පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් ඔවුන් දේපල සුළු තුවාල ලබා තිබෙන අතර සැකකාර යතුරුපැදි රියදුරා අද(14) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්