
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්න මාර්ගයේ ස්ථාන දෙකකින් ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් කුඩා රථ රථවාහන වලට ( සැහැල්ලු වාහන) අධිවේගී පිවිසුමට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් නිහාල් ලොඩ්රික් මහතා සදහන් කරයි.
මෙලෙස යට වී ඇත්තේ අධිවේගී මාර්ගයට ඇතුළු වන අංක 1 ආලෝක පුවරු ප්රදේශය සහ අංක 2 ආලෝක පුවරු ප්රදේශයේයි.
ඒ අනුව අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට හෝ ගාල්ල දෙසට යාමට බලාපොරොත්තුවන රියදුරන් දොඩංගොඩ හෝ කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීමට හෝ පිට වීමට කටයුතු කරන ලෙස ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටි.