පළාත් පාලන මැතිවරණය කල්දැමුව හොත් නඩු මගට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සදහන් කරයි.

දිගින් දිගටම මැතිවරන කල් දමමින් දේශපාලන බලය බුක්ති විදින බවත් මැතිවරණ නීති සංශෝධනය කරන මුවාවෙන් මැතිවරණ කල් දැමීම සිදු කළ නොහැකි බවත් ඔහු කියා සිටි.

නිදහසේ ජනතා සභාව අද (10) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කරයි.

එමෙන්ම නිසි වේලාවට ඡන්ද පැවැත්විය යුතු බවත් එය ජනතාවට ඇති මූලික අයිතිවාසිකමක් බවත් ඔහු පෙන්වා දුනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“අපි අනිවාර්යයෙන් නඩු මගට පිවිසෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කරන්න පුළුවන් සෑම දෙයක් ම අපි කරනවා මේ රටේ ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය, ඡන්දය දීමේ අයිතිය රැක ගැනීම සඳහා.”

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්