විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සඳහා එහි හිටපු සභාපති චරිත හේරත් නැවත පත් කරන ලෙස පාර්ලිමේන්තුවේදී යෝජනා කොට තිබුණි.

සිය පක්ෂය නියෝජනය කරමින් මීට පෙර ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා කර තිබුණු බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ස්වේච්ඡාවෙන් ම ඉන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් එම පුරප්පාඩුව සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් නැවත යෝජනා කරන බව ඔහු කියා සිටී.

මේ අතර, මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කර ඇත්තේ, ඔහු කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව ය.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්