මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීම සඳහා නීති සම්පාදනයට මැදිහත් නොවන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (ඔක්. 4) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සියලු මාධ්‍ය ආයතන සමග ඒකාබද්ධ වී අන්තර්ජාතික මට්ටමේ මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ඇති කර ගැනීම සඳහා අවශ්‍ය ආගමික, සමාජ, සංස්කෘතික දේශපාලන වශයෙන් වටිනාකම් සහිත මාධ්‍ය ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීමට මිසක් ඒවා මර්දනය කරන්නට හෝ ඒවා පවරා ගැනීමට අදාළව අණ පනත් සකස් නොකර බවයි.

මෙන්න බලන්න තවත් පුවත්