ජනප්‍රිය රංගන ශිල්පි තුසිත ලක්නාත් සිය මිතුරන්ගෙන් ලබා ගත් අතිවිශාල ණය මුදල් ප්‍රමාණයක් නොගෙවා පැහැර ඇති බවට මේ දිනවල ඔහුට චෝදනා එල්ල වන අතර, ඔහුට මුදල් ණයට ලබා දුන් මිතුරන් චෝදනා කර සිටින්නේ කෝටියක් ඉක්මවූ ණය ප්‍රමාණයක් ලබා ගත් ඔහු මේ වන විට ගෙවීම් පැහැර හැර රටින් පිටවී ඇති බවටයි.

කෙසේ වෙතත් තමාට එල්ල වෙන චෝදනාවන්ට පිළිතුරු ලබා දෙමින් ඔහු විසින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර එම සටහන මගින් ඔහු තමාට ගෙවීමට ඇති සියළුම ණය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දී තිබේ.

අදාළ සටහන පහතින්.

 

 

දැනගැනීමට අවැසි අය සඳහා ලියමි.
දිගින් දිගටම මගේ හෘදයාංගම මිත්රයන්හට මාව සොයමින්, මගේම මිතුරන් විසින් කෙරෙන චෝදනා නිසා සිදුවන අපහසුතාවයන් වලක්වා ගැනීම වෙනුවෙන් මෙම ලිවීම ලියන්න හිතුව. චෝදනා,අවලාද, කටකතා සහ මං දැනුවත්ව මා විසින් කළ දේ පහත අංක පිළිවෙලින් මගේ අදහස් දත්වන්නම්. මේක තුසිත ලක්නාත් වන මාගේ දැනුම මත කෙරෙන පාපොච්චාරණයක්.
1.නය පැහැර හැරීමේ චෝදනාව
ශ්රී ලාංකික පුරවැසියන්ට සහ ලංකාවේ බැංකුවලට මා සහ මගේ බිරිඳ විසින් ගෙවිය යුතු සමස්ත නය ප්රමාණය රුපියල් ලක්ෂ එකසිය විසි එකක්. ඒව වෙන වෙනම දක්වනවනම්,
A. සුමෝ හට රුපියල් ලක්ෂ විස්සකි.
B. පාඨමාලා ගාස්තු ගෙවු මිතුරාට පව්ම් 5000කි.
C. ඥාති සහෝදරයෙකුට ලක්ෂ දෙකාමාරකි.
D. බැංකු සඳහා වාරික වශයෙන් ගෙවිය යුතු මුදල.
සුමෝ විසින් ලබාදුන් ලක්ෂ විස්ස ගෙවීම පැහැර හැරියා යැයි කෙරෙන චෝදනාව මේ ⁣අතරින් බරපතලයි. ඇත්තටම කිසිම නීතිමය ලියවිල්ලක් නැතිව මිත්ර විශ්වාසය මතම පමණක් රුපියල් ලක්ෂ විස්සක් ලබාදීම විස්මය ජනක දෙයක් මට. ඒ මුදල ඉලීමට හෝ නැවත ගෙවීමේ විදිය පැහැදිලි කිරීමට මම සුමෝට කතා නොකල බව ඇත්තකි. එය මගේ බිරිඳත් සුමෝගේ බිරිඳත් අතර සිදුවූ ගනුදෙනුවක්. ඒත් එම මුදල නැවත ගෙවීමේ වගකීමෙන් මම ගැලවෙන්නෙ නෑ.
දැනටමත් එම මුදල ගෙවීමේ සැලසුම්, මුදල් සෙවීමේ සැලසුම් සකස් කරමින් සිටින නිසා ගෙවීමේ විදිහ හෝ කාලය නියමාකාරයෙන් කියන්න අමාරුයි. ඒ හේතුවෙන් සුමෝට සහ එම පවුලේ සාමාජිකයන්ට ඇතිවන වේදනාව ගැන මම සිත්පිත් ඇති මනුස්සයෙක් විදිහට කණගාටුවන අතරම ඔවුන්ගේ ආවේගය හේතුවෙන් දක්වන වාචික හෝ කායික ප්රතිචාරයන් උපේක්ෂාවෙන් දරාගන්න සූදානම්. ඔවුන් ගන්නා ඕනෑම නීතිමය ක්රියාවකට යටත් වීමට සූදානම්. අප අතර සිදුවුන ඊමේල් සංවාද, වට්ස් අප් සංවාද දුරකතන සංවාද ඕනෑම නීතිමය කටයුත්තකට අදාලව ඉදිරිපත් කරන්නටත් සූදානම්. ඔවුන්ගේ මුදල් අප ලබාගත් බවට ඔවුන්ට ඉදිරිපත් කිරීමට ලියවිල්ලක් ලෙස මෙම සටහන වුවද, මගේ මිතුරු ලැයිස්තුවේ සිටින සියල්ලන්ව දැනුවත් කරන්නටත් පුළුවන්. ඒත් මට දරාගත නොහැකිම දේ සුමෝ කියන සද්ධන්ත හදවතක් තියෙන මිත්රයා බදා වැළඳ සමාව ගැනීමට නොහැකි තරම් වරදකාරී හැඟීමක් මගේ ආත්මය තුල ඇති කරන්නට අවලාද කටකතා ⁣තවත් මිතුරන් විසින් ඇති කිරීමයි. නැවත නැවතත් මම කියන්නෙ මං හොරෙක් නෙවෙයි.
ඒත් ලන්ඩන් නුවරට එන්න කලින් අනපේක්ෂිත සිදුවීමක් හින්දා සුමෝගේ සල්ලි ගෙවීමට නොහැකි උනා කියල අන්දන්න මට ඕන නෑ. මං ඇත්තටම මේ සිදුවීම අපේක්ෂා කල දෙයක්. ඒකට හේතුවුන පුද්ගලයින් හෝ සිද්ධිය සමාජ මාධ්යට එකතු කරල අනුන්ගෙ කුණු රහකර කර බුදින හිවල් විරුවෙක් වෙන්න මට උවමනා නෑ. හිවල් විරුව කියන වචනෙ supun rathnayaka මිතුරාට අදාල නොවන බව කියන්න ඕන. ඒක පාර්ෂවික නඩු විභාගයකින් මාව හොරෙක් බවට මුලින්ම සුපුන් රත්නායක මිතුරා පත් කළත් ඒ සහකම්පිත සුපුන් ගැන මං ආඩම්බර වෙනව. මං යම් ප්රමාණයකින් දුක් වන්නෙ සහකම්පිත සුපුන් වැනි මිතුරෙක් මට ලංකාවෙදි හිටියනං නිෂ්පාදකවරුන්ගෙන්, ටීවී චැනල් වලින් ලැබිය යුතු මුදල් ලබාගන්න පුළුවන් වෙනව. මට පුළුවන් උනේ සුපුන් එක්ක අවස්තා කීපයකදී බොන්න විතරයි. ඒත් මං හිතන්නෑ බිව්ව වෙලාවට කනට වැටිච්ච දෙයක් හින්දා සුපුන් එහෙම පෝස්ට් එකක් දැම්ම කියල. සහකම්පිත සුපුන්ට මොකක් හරි නීත්යානුකූල සාක්ෂියක් ඇති මං හොරකම් කලා කියල… මං ඒ සහකම්පිත සුපුන්ට ආරාධනා කරන්නෙ නීත්යානුකූල ව ඔප්පු කර පෙන්වා මාව නීතියට අනුකූලව වැරිදිකාරයෙක් කර දඬුවම් ලබාදෙන්න කියල.
තවත් ආදරණීය මිතුරෙක්ට පව්ම් පන්දහසක් මම නයයි. පාඨමාලා ගාස්තු ගෙවීමට මා විසින් කළ ඉල්ලීමකටයි ඔහු එය ලබා දුන්නෙ. විදෙස් සංචිත නොමැතිව ලංකාවෙ බැංකු මාව ප්රතික්ෂේප කළ මොහොතෙදියි ඔහු ඒ මුදල් ලබා දුන්නෙ. එයත් මා ගෙවිය යුතුයි.
ලංකාවේ බැංකුවලට වාරික වශයෙන් ගෙවිය යුතු නය පැහැර හැරියා කියල ඇපයට අත්සන් කළ ගුරු අම්මණ්ඩිලා නගන චෝදනාව පදනම් විරහිතයි. පහුගිය මාසයේත් අදාල වාරික නිසිපරිදි අදාල බැංකුවලට ලැබුන බවට තහවුරු කළ කුවිතාන්සි අප සතු නිසා එය සාක්ෂි සහිතව ඔප්පු කළ හැකියි. යම් කිසි මාසයක නිසිපරිදි එම මුදල් නොලැබුනොත් ඒ ගුරු අම්මිලාගෙ දෙස් දෙවොල් සාපකිරීම්, හදි හූනියම්, බලි තොවිල් හෝ ඕනෑම නීතිමය කටයුත්තකට අපි සූදානම්. අවුරුදු දොළහක ගුරු වෘත්තියට නොදන්වා සමුගැනීම හැරුණු කොට වෙනත් වැරැද්දක් බිරිඳ නොකල බව විශ්වාසයි. ඇතැම් ගුරු අම්මණ්ඩිල දෙමාපියයන්ගෙන් ආධාර මිල මුදල් රත්තරන් චේන් පුටු සැටි ලබා ගත්තායැයි කටකතා ලෙස තවත් ගුරු අම්මණ්ඩිලා පහුගිය සතියෙ අපට දැන්වූ විට අපි පුදුම උනේ , අප හොරු යැයි පවසන සර්ව සාධාරණ නීති ගරුක ගුරු අම්මිලාගේ නම් ගම් ඒ අතර තිබීමයි. ඒත් සහකම්පිත සුපුන් මිතුරා අදාල පෝස්ටුව අයින් කරගත්තා සේ ගුරු අම්මණ්ඩිලාගේ සොරකම් ගැන කියවෙන පණිවිඩ හෝ කුවිතාන්සි, ඡායා පිටපත් අයින් නොකර තව දුරටත් සුරකීම කෙතරම් සදාචාර සම්පන්නද යන්න මං මගෙන්ම අහනව. අපි හැමෝම වීදුරු ගෙවල් හදල අනිත් වීදුරු ගෙවල්වලට ගහන්න ගල් හොයන නිසා කවදා හෝ ගල් වෙනකං ඒ සාක්ෂි මං ගාව තියෙයි.
ඥාති සහෝදරයාට ඇති ණය ගෙවීමට මාස කිහිපයක කාලයක් ලබා දී ඇති නිසා දැනට ඒක අවුලක් නෑ.
2.juliyan thakshila mendis නැමති නන්නාඳුනන ගැහැනිය නගන චෝදනාවලට දැනට උත්තර දෙන්නෑ. එයා මගේ බිරිඳගේ නංගි බව එකහෙලාම තවමත් මගේ බිරිඳ කියන නිසාත්, ඇතුළ ගිනි පිටතට දෙන්න එපා යැයි කතාවක් අහල තියෙන නිසාත් මුකුත් නොකිය ම ඉන්නම්. එම ගැහැණිය නගන චෝදනා වලට නීතිමය වශයෙන් පියවර ගනිමින් ඉන්න නිසාත් මෙතන ක්යන්න දෙයක් නෑ. ඇතුලත් ගිණිගත්ත, පිටත් ගිණි තියණ අයට අනුකම්පාව හැරුණු කොට දිය හැකි දෙයක් නෑ. ඒත් ඇය යනු කවුද යන්න සහමුලින්ම මට අමතක වීම පුදුම සහගතයි. “අමතක වෙන්න කලින් ” කියා නාට්ටියකුත් ලිව්ව මට ඇයව අමතක වීම මාරයි. රං කැටි කියල එක කුස නොඉපදුනත් මගේම යැයි හැඟෙන සහෝදරියක් මට ඉන්නව. ලැට් වලවල් කැඩුවට අසූචි කන්න බෑ මට.
3. හොරෙන්ම ලංකාවෙන් පැන්න කියන චෝදනාව.
අදාල ලියකියවිලි නීත්යානුකූලව සපයලයි මං සහ මගේ පවුල ලන්ඩන් වලට ආවෙ. ලංකාවේ සිට ලන්ඩන් පැමිණිම සමාජ මාධ්යයෙන් සමාජ ගත නොකල බව ඇත්තක්. අරගලයෙන් පලා ආව වගේ හැඟීමක් හෝ අරගලයට යම් පමණක දායකත්වයක් සපයා එයින් දේශපාලන සරණාගතයන් බවට පත්වීමට කිසිදු අදහසක් නැ. පශ්චාත් උපාධිය හැදැරීමේ අවසරයෙන් පශ්චාත් භාගය විකුණා හෝ ලංකාවෙන් පිටවීමට උත්සාහ කළ බව ඇත්තක්. අඩුම තරමේ එක බත් එක කාපු මටවත් කිව්වෙ නෑ කියල කියන අපේ හෘදයාංගම මිතුරන්ට කියන්න ඇත්තේ ” මචංල… අඩුම තරමෙ මං මගේ අම්මටවත් කිව්වෙ නෑ යනව කියල” කියන එකයි. ඒ තරම්ම ලංකාව හැර යාමට ආත්මාර්ථකාමී අධ්යාෂයකින් පහුගිය වසර පුරාම ⁣මම පෙළුන බව ඇත්තක්. ඒ තරම් නරුම වීමට ප්රධාන හේතුව වන්නෙ ලංකාවෙ ඉඳල තව අවුරුදු සීයකටවත් ගෙවාගන්න බැරි නය ප්රමාණයක් අප සතුවීමයි. අම්මව අත්හැරීම වගේම ලඟින්ම හිටපු මිතුරන් සතුරන් බවට පත්වීමේ වේදනාව මං මේ මොහොත වන විට අත්විඳිනව.
මොනව උනත් සහකම්පිත ගොසිප් විරුවන්ගේ ග්රහණයට මගේ ෆේස්බුක් ගිණුම ලක්වේයැයි අනුමාන කළ නිසා කලින් සැලසුම් කරල කොළඹ මිතුරෙක් මගින් ගිනුම තාවකාලිකව අත්හැරීම ඇත්තක්. අද වෙනකං මගේ ප්රතිරූපයට හානිකිරීමේ අරමුණින් නගන චෝදනා ෆේස්බුක් මගින් වඩාත් ප්රචලිතව නොවුනෙ ඒ නිසයි. නළුවෙක් විදිහට මට කවදාකවත් මගේ ප්රතිරූපයක් කියන දේ පඩේකට වැදගත් නූනත් අනිත් අයට වැදගත් කියන දේ මං දැනං හිටපු දෙයක්.
අපි ලන්ඩන් වලට සැප් 14 ආවේ ලංකාවේ සිම් හතරක් එක්ක වැඩකරන එක් දුරකතනයක් අරගෙන. මාර්ග ගත බැංකු කටයුතු වලට ලංකාවෙ සිම් හතර මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න උන නිසා සන්නිවේදන ගැටළු කීපයක් මතුවුනා.ක්රියාවිරහිත දුරකතනය පිළිසකර කරගෙන එයට අපේ නමින් ලියාපදිංචි කළ සිම්පතක් දමා මගේ පාවිච්චියට ගන්නේ අද ඉඳන්. අද වෙනකන් ලන්ඩන් නුවර අපි ගතකලේ අසල්වැසි මිතුරන්ගෙන් තාවකාලිකව ලබාගත් සිම්පත් සහ දුරකතන එක්ක. අදින් පසු මාව සන්නිවේදනය කරන්න අවශ්ය කෙනෙකුට මේ ලිප්යෙන් පසු වට්ස් අප් පිහිටුවා එම අංකය ලබා දෙන්න පුළුවන්. මං නැවතත් කියන්නෙ මට හැංගෙන්න අවශ්ය නෑ… නෑමයි.
4. මං වැරැද්දක් කලානං මගේ යාළුවන් පලි නෑ කියන එකයි මගේ අදහස. අද ඉඳන් මාව දඬු කඳේ ගැසීමට අවශ්ය ඕනෑම කෙනෙක්ට මගේ ලිපිනය ලබා දෙන්න පුළුවන්. මං පදිංචි නිවසේ අංකය අවශ්ය අයෙක්ට මැසෙන්ජර් මගින් පණිවිඩයක් තබන්න. මා සහ බිරිඳ ලඟින්ම ආශ්රය කල Madura Prabashwara Balasooriya හෝ Prasadini Athapattu වැනි මිතුරන් සහ ලන්ඩන් නුවර වෙසෙන ශ්රී ලාංකික කිසිදු මිතුරෙක් මගේ කිසිදු ක්රියාවකට අනුබල දී නැති බව කියන්න ⁣ඕන. මා වෙනුවෙන් ඔවුන්ව අප්රසාදයට හෝ අපහසුතාවයට පත්කිරීම පිළිකුල් සහගතයි. ඉතාම ගෞරවයෙන් අදාල අවලාද අපහාස නගන මිතුරන්ගෙන් මං ඉල්ලා සිටින්නේ මා කෙරෙහ් ඇති වෛරයට තරහට මගේ ලබැඳියන්ව පාත්ර නොකරන්න. සියළු සැලසුම් වලට වගකිව යුත්තේ මා පමණයි. අද මා ගැන ලැජ්ජ වෙන මිතුරු මිතුරියන් ඊට කලකට පෙර මට ආදරය කලබව ඒ ලැජ්ජ වීමෙන් ම මට තේරුණා.
භයානක අපරාධකාරයෙක් සොයන අයුරින් ලන්ඩන් හි වෙසෙන ලාංකිකයන් ට කතා කරමින් කටකතා අවලාද පවසන මිතුරනි සෘජු සන්නිවේදනය මගින් ලැබෙන ඵල ප්රයෝජන වක්ර සන්නිවේදනය මගින් ඇහිරෙන බවයි මට හිතෙන්නෙ. පහුගිය වසර කීපය පුරාම ෆේස්බුක් හී ඇති දුරකතන අංකය බහාලන කොටුවෙ මගේ ලාංකාවෙ දුරකතන අංකය තැබූ අයෙක් මං. අදින් පස්සෙ මගේ නමින් ලන්ඩන් දුරකතන සමාගමක ලියාපදිංචි අංකයක් ඇති නිසා එයින් ලැබෙන ඇමතුම් පණිවිඩ ඕනෑම නීත්යානුකූල පියවර ගැනීමකට භාවිත කල හැකි නිසාත් අංකය ලබාදීම ට හැකියාවක් ඇත.
කටකතා විස්වාස කරමින්, මට රැකියාවක් කර මුදල් ඉපයීමට නොහැකි තත්වෙට පත්කර නැවත
ලංකාවට ගෙන්වාගැනීමට සිතා සිටින මිතුරනි, තව අවුරුදු සීයක් ලංකාවෙ මා ජීවත් වුවහොත් නය ගෙවා අවසන් කළ හැකිවෙයි. තව දුරටත් මං වෘතීමය නළුවෙක් නෙවෙයි. නළු ජීවිතයක් විදිහට තවත් මට ඇත්තේ, ඒමට ඇති චිත්රපට පහළොව එන කාලෙට එම පෝස්ට් ෆේස්බුක් හී ශෙයා කිරීම පමණයි. මං එය කරන්නම් ඒ චිත්රපට එන කාලෙට. හැරමිටියෙන් යන කාලෙදි හරි අවු විසි හතරෙන් රඟපාපු ෆිල්ම් එයි කියන විස්වාසය මට තියෙනව. දැන් මට හතලිහක්.
මොනව උනත් ලන්ඩන් එයාපෝට් එකෙත් දෙවනි ඉනිමේ රණේ ලෙස ෆොටෝ ගැසීම මට සතුටක්. ලන්ඩන් නුවරදි ලීලෙ, පොකට් ගුණේ, රණේ, ශාන්ති ලෙස අඳුනගන්නකොට සතුටක් වගේම එකපාරටම මඟේ ඇඟ හිරිවැටිල ගිහින් මගෙ නළු ජීවිතේ අහිමිවීමේ වේදනාව, මගෙ ආත්මයම පුරෝල දානව.
එතකොට මට මතක්වෙන්නෙ රයිගම් සම්මානය ගත්තට පස්සෙ තලවතුගොඩ පෝඩියම් එකේදි බීපු දවස. සුමෝ එදා හිටපු හැමෝටම මගේ සම්මානය ලැබීම ගැන කියල මං වෙනුවෙන් සිංදුවක් කිව්ව⁣. අපි එලියෙ බදාගත්තා. හාල්මැස්සෙක් වගේ මාව උස්සල අරං මාව බදාගත්ත. අපි අන්තිමට බිව්වෙ එදා. මං උඹේ නය ගෙවනව මචං. මට කියන්න තියෙන්නෙ එච්චරය්.
මං දැන් රස්සාවට මස් කපන බදින අතිශය සාමාන්ය මිනිහෙක්. හැබැයි හොරෙක් නෙවෙයි.
තුසිත ලක්නාත්
සැ.යු. මගේ වචනවලට අහුකරගන්න උවමනාවක් මට නැ. ඒත් මාත් මගේ වචනවලට රැවටෙනව. එහෙම උනාමයි පොරොන්දු කැඩෙන්නෙ.
මෙන්න බලන්න තවත් පුවත්