ජනතාව තුළ තමා කෙරෙහි ඇති අසාර්ථක ප්‍රතිරූපය ඉවත් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රහසිගත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට ඩේලි මිරර් පුවත් පත වාර්තා කර සිටියි.

ඒ අනුව ඔවුන් කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ගම සමඟ පිළිසඳර වැඩසටහන යටතේ ගිය ගම්මානවලට මාධ්‍යවේදියකු සහ ව්‍යාපාරිකයකු ඇතුළු කණ්ඩායමක් මේ වන විට පැමිණෙමින් සිටින බව හා. එම කණ්ඩායම විසින් ජනාධිපතිවරයාගේ සමීපතයන් හා පවුලේ සාමාජිකයන් විසින් ඔහුව නොමග යවා ඇති බවට මතයක් ගොඩ නැගීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඔවුන් විසින් හිටපු ජනාධිපතිවරයා කෙරෙහි ජනතා විශ්වාසයක් ඉතිරිව තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම ගම්මානවල ජනමත විමසුම් පැවැත්වීමට නියමිතයි.

තවද ඩේලි මිරර් වාර්තා කර සිටින්නේ වියත්මග කණ්ඩායමට සමාන මෙම කණ්ඩායම විසින් පවත්වාගෙන යනු ලබන සමාජ මාධ්‍ය ගිණුම් මගින් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මහජන අදහස් පිළිබඳව නිරීක්ෂණය කරමින් ඔහුට ඉදිරියේදී අවශ්‍ය නම් නැවත දේශපාලනයට පිවිසිය හැකිද යන්න පිළිබඳව සොයා බලමින් සිටින බවයි.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්