ගලේවෙල කොස්ගහහින්න ප්‍රදේශයේ රංගන ශිල්පින් පිරිසක් නාට්‍යයක් රඟ දක්වමින් සිටියදීම එහි සිටි එක් රංගන ශිල්පියෙක් අනපේක්‍ෂිත ලෙස ඇදවැටී මියගොස් තිබෙන බව වාර්තා වේ.

‘ශුර මාතලන්’ නාට්‍යය රඟ දැක්වීම සඳහා කලක සිට සූදානම්වූ අතර රාජ උදහසට ලක්වන පියෙකු සහ දියණියක අතර ඇතිවන දෙබසක් රඟ දැක්වෙමින් තිබු අවස්ථාවේදී මෙහි මහල්ලා චරිතයට පණ පෙවූ මෙම නාට්‍යය පුහුණු කරු වන ඒ.ජී. ප්‍රේමසිරි නැමැති රංගන ශිල්පියා අනපේක්‍ෂිත ලෙස ඇදවැටී තිබේ.

මෙලෙස මරණයට පත්වුණේ ගලේවෙල කොස්ගහහින්න ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි තිදරු පියෙකි.

ඔහුගේ දේහය මේ වන විට ගලේවෙල කොස්ගහහින්න ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්