පාතාලයේ අපරාධ රැසකට වගකිව යුතු පිස්තෝල අවියක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ කොතලාවල ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් (පෙතියාගොඩ සංඛ) සමග තවත් සාමාජිකයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරික්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින මුල්ලේරියාව පොලිස් වසමේ අංක 494/7/ඒ, N.T. පෙරේරා මාවත, මුල්ලේරියාව, නව නගරය ලිපිනයේ දී හා ඇහැලියගොඩ පොලිස් වසමේ කොළඹ රත්නපුර මාර්ගයේ ගල්පුස්සැල්ල වතුයාය, ඉදිරිපිට මාර්ගයේ දී සිදුකළ මෙහෙයුමක දී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වු කරුණු අනුව විදේශිය නිෂ්පාදිත පිස්තෝල අවියක් රත්නපුර ප්‍රදේශයේ පතල් කර්මාන්තයේ යෙදෙන පුද්ගලයකු හට සඟවා තබාගැනීම සදහා සැකකරු විසින් ලබා දී ඇත.

අදාළ සැකකරුවන් තිදෙනා ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී ඇත.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා පරකඩුව ප්‍රදේශයේ පදිංචි 25 සහ 40 වයසේ පසුවන පුදුගලයන් වේ.

 

මෙන්න බලන්න තවත් පුවත්