පරිභෝජනය කරනු ලබන ආහාර නිසි ප්‍රමිතියකින් තොර වීම හේතුවෙන් මෙරට ජනතාව බෝ නොවන රෝග වල ගොදුරු බවට පත්වීමේ සම්භාවිතාවය වැඩි වී ඇත.

රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා විසින් මේ බව සඳහන් කර සිටි අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බලධාරීන් විසින් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

රත්නපුර ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් මහාචාර්යවරයා මේ බව කියා සිටි අතර එහිදි තවදුරටත්,

“ලංකාව ඇතුළේ ගොඩක් වෙලාවට මේ බෝ නොවන රෝග සම්බන්ධයෙන් අපි කතා කරද්දි ආහාර තමා මුලික වෙලා එන්නේ. ආහාර මුලික වෙලා ඇතිවෙන මේ රෝග සම්බන්ධයෙන් ප්‍රධානම කාරණාව තමා ආහාර නිසි ප්‍රමිතියෙන් තියෙනවා. තත්ත්ව පරීක්ෂණයට ලක්වෙනවා. එහෙම ලක්නොවී කොච්චර දේවල් පරිභෝජනය කරනවා ද? මේවා පරිභෝජනය කරන ජනතාව කොතෙක් දුරට රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබනවා ද? කොච්චර මරණ ප්‍රතිශතයක් සිද්ධවෙනවා ද? ඒවා සම්බන්ධයෙන් ජනතාව නොදැනුවත්ව ඉන්න එකම තමා ප්‍රශ්නේ. අපි පාරිභෝගිකයෝ විදියට, ජනතාව විදියට පරිභෝජනය කරන ආහාරවල මොනවා ද තියෙන්නේ කියලා අපි දන්නේ නෑ. පිටින් බැලුවහම ආහාරය හොඳයි වගේ පේනවා. නමුත් පරිභෝජනය කරාට පස්සේ, අපි නොදැනුවත්ම ආහාරවල තිබුණ යම් යම් විෂකාරක දේවල් ශරීරගත වෙලා රෝගාබාධවලට මිනිස්සු ලක්වෙනවා.”

යනුවෙන් අදහස් දක්වා සිටියේය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්