පක්ෂ විනය කඩ කරන ඕනෑ ම තරාතිරමක මන්ත්‍රීවරයෙකුට ගත හැකි ඉහළ ම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

පසුගිය දා තඹුත්තේගමදී සිදුවූ මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට පත් වීම පිළිබඳව අවධානය යොමු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

පොදුජන පෙරමුණු පක්ෂය බල ගැන්වීම් කටයුතු කෙරෙමින් පවතින කාලවකවානුවක මෙවැනි දේ ඇතිවීම නිසා එම කටයුතුවලට බාධා මතුවන බව ද එම නිසා ගම තුළ පක්ෂ කටයුතු පවත්වාගෙන යාම ගැටලුවක් වන බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්