සුරා බදු දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ මත්පැන් හඳුනා ගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

දැනට වෙළෙඳපොළේ පවතින මත්පැන් බෝතල් මත අලවා ඇති ආරක්ෂක ස්ටිකරයේ ඇති QR කේතය ස්මාර්ට් ජංගම දුරකතනයක් මගින් ස්කෑන් කර අදාළ තොරතුරු ලබා ගත හැකි වන අතර එය ප්‍රතික්ෂේප වුවහොත් ඒ මොහොතේ ම යෙදවුම මගින් පැමිණිලි කළ හැකි බවත් එහිදී ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක වීම ද සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම යෙදවුම EXCISE TAX STAMP VALIDATOR යන නමින් හදුන් වන අතර එය සියලු ම ඇන්ඩ්රොයිඩ් දුරකතන හා ඇපල් දුරකතන සඳහා භාගත කර ගත හැකි වේ.

අද (ඔක්. 1) සිට එම යෙදවුම හරහා පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීමට හැකි වනු ඇත.

මෙන්න බලන්න තවත් පුවත්