කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව එය බල රහිත කරන මෙන් ඉල්ලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නීතිඥ  සුදත් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

 

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය රහස් පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට අදාළව එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව දක්වමින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති,  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්වරුන් නම් කර තිබේ.

 

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ  පැවරී ඇති බලතල අභිබවා ගොස් ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීම මගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්