රාගම දේවාලයේ හාස්කම් – 02

රාගම දේවාලය ගැනත්  ගුප්ත ශාස්ත්‍රයන්ගෙන් බැතිමතුන්ට පිහිට ලබාදෙන ගුප්ත ශාස්ත්‍ර විද්‍යා විශාරද පොඩි සීයා සහ චූටි සීයා ගැනත් පසුගිය ලිපියේදී ඔබ දැනගන්නට ඇතුවා නිසැකයි. ඒ ලිපියට පාදක වූ වැඩසටහන් මාලාවේ පළමු වැන්න ඉකුත් සතියේ Kolamba 16 යූ ටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරුණා. රාගම දේවාලයේ ආරම්භය, ලොකු සීයා රාගම දේවාලය ආරම්භ කල ආකාරය, චූටි සීයා සහ පොඩි සීයා විසින් කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යන වත් පිළිවෙත් ගැන එහිදී සාකච්ඡා කෙරුණා.

මෙවර ලිපියෙන් ලියුම්කරු අවධානය යොමු කරන්නේ විවිධ   අසනීප තත්වයන් සදහා හේතු කාරක වූ ශරීරගත කරවන ලද විෂ සහ ඒවා ඉවත් කිරීමේ සිද්ධීන් පිළිබදවයි.

නොපෙනන බලවේගයන්ගේ සත්‍යතාවය ගවේෂණය කරන පර්‍යේෂණාත්මක වැඩසටහන ” නොපෙනෙන ලෝකයේ සත්‍යය” නිෂ්පාදන කණ්ඩායමට හමුවුන පුදුමාකාර අත්දැකීම් සමුදායන් අතර ශරීර ගතවූ විෂ ඉවත් කිරීමේ මායා කර්මයන් සුවිශේෂී වනවා.බිත්තරයකින් රක්ත වර්ණ සහ කළු පැහැයට හුරු රුධිරය ලබා ගන්නා ආකාරය මෙහිදී සැබැවින්ම දැකබලා ගැනීමට හැකියාව ලැබුණ බව කිව යුතුයි.

වාර්ෂිකව රාගම දේවාලයට පැමිණන බැතිමතුන් රැසක් විවිධ අසනීප හේතු කොටගෙන දේවාලයේ පොඩි සීයා සහ චූටි සීයා හමුවට පැමිණෙන්නේ සියළු ප්‍රතිකර්මයන් අසාර්ථක වූ තැනයි. මේ බොහෝ දෙනාගේ අසනීප තත්වයන් අපට දෘශ්‍යමාන වුවත් වෛද්‍ය වාර්තා වල දැක්වුනේ ඔවුන් කිසිදු රෝගී තත්වයකින් නොපෙළෙන බවයි. ඔවුන්ගේ රුධිරයේ තත්වය, හෘද ස්පන්දනය, ස්නායු ක්‍රියාකාරිත්වය අතිශය සාමාන්‍ය අයුරින් පැවතුණ නමුත් ඔවුන් පත්ව ඇති බරපතළ වේදනාකාරී වාතාවරණයට නිශ්චිත හේතුවක් නොවිය. මෙවැනි තත්වයන්ට පත්ව ඇති අය වෙනුවෙන් රාගම දේවාලයේ සුවිශේෂී වතාවත් පැවැත්වෙයි. යාතු කර්මයන්ගෙන් අනතුරුව දෙහි කපා අවසානයේ ඔවුන් විසින්ම ගෙන එනු ලබන බිත්තර උපයෝගී කරගනිමින් ඒවායින් ශරීරයේ විෂ ඉවතට ගැනීම ඇත්තෙන්ම පුදුම එළවනසුළු අත්දැකීමක්. වඩාත්ම වැදගත් කරුණ වන්නේ මේ බිත්තර සෑමවිටම රැගෙන එන්නන් සතුව පැවතීමයි. ඒ නිසා යම්කිසි උපක්‍රමයක් යෙදීමට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොමැති බව කිව යුතුමයි.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ශරීරයට විෂ ඇතුල් කල හැකි ආකාර රැසක් පවතින බවත් ඒවා මැතිරීමෙන් මෙන්ම මැතිරීමෙන් තොරව වුව උපයෝගී කරගන්නා අවස්ථා ඇති බව පොඩි සීයා සහ චූටි සීයා පැහැදිලි කරනු ලැබුවා. මෙවැනි විෂක් ශරීර ගත වීමෙන් පසුව හදුනාගත හැකි ආකාරය කිහිපයක් ඇති බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා. වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව නොවීම, ශරීර ඉරියව් නිරීක්ෂණය කිරීම තුලින් හදුනා ගැනීම, ශරීරයේ ස්ථාන වල අසාමාන්‍ය ලෙස කුෂ්ඨ හට ගැනීම හෝ අවපැහැයට හැරීම ඊට නිදසුන්.  මෙවැනි තත්වයන්ට පත්වූ සුවිශාල පිරිසක් රාගම දේවාලයේදී සුවයට හැරුණු බව වාර්තා වනවා.

ඔබත් මෙවැනි තත්වයකින් පීඩා විදින්නෙක්ද ? නැතිනම් නොපෙනෙන ලෝකය ගැන කුතුහලයෙන්ද ?  එසේනම්
පොඩි සීයා සහ චූටි සීයා සමග අප සිදුකල සංවාදාත්මක වැඩසටහන  “නොපෙනෙන ලෝකයේ සත්‍යය”  නැරඹීමට  පිවිසෙන්න අපේ Kolamba 16 යූ ටියුබ් නාලිකාව වෙතට.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්