අඩි 35ක් පමණ ගැඹුරු වළක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් ඊයේ (සැප්. 29) සොයා ගෙන තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව වලපනේ, කුරුඳු ඔය ආසන්නයේ දී ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ පස්වරුවේ සොයා ගත් බව පොලිසිය සදහන් කරයි.

මිය ගිය පුද්ගලයින් දෙදෙනා 63 සහ 45 හැවිරිදි වියේ පසුවන වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන් දෙදෙනා ඊයේ උදෑසන කුඹුරු කටයුතු සඳහා පිටත්ව යන බවට නිවැසියන්ට දන්වා තිබුණ ද නිධන් හෑරීම සඳහා ඔවුන් පැමිණෙන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.

මළ සිරුරු ආසන්නයේ තිබී භූමි තෙල්වලින් ක්‍රියාත්මක කරන වතුර මෝටරයක්, ජල නළ සහ තවත් උපකරණ කිහිපයක් සොයා ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ බව ත් මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කෙරෙන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

වලපනේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්