සැත්කමක් අත්වැරදීමෙන් කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය රාගම රෝහලෙන් වාර්තාවක් කැඳවා තිබෙන බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනතුරු වෛද්‍යවරයාගේ සැත්කම් තහනම් කරන බවයි.

පරීක්ෂණයෙන් පසු අදාළ වෛද්‍යවරයාට එරෙහිව විනය පියවර ගන්නා බවත් ඔහු සදහන් කරයි.

බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම නැමති එම මියගිය කාන්තාවගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය රාගම රෝහලෙන් එසේ වාර්තාවක් කැඳවා තිබුණි.

පිත්තාශයේ ගල් තිබී ඇති බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් වත්තල පෞද්ගලික රෝහලකදී ඉකුත් 31 වන දා ඇයට ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර එම ශල්‍යකර්මයේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් අසාධ්‍යව ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත මාරු කර යවා තිබේ. දින 25ක් රාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගිය 25 වන දා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්