ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ තුන්දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවයි.

ඉකුත් සති අන්තයෙන් පසු පාපන්දු සම්මේලනයේ නිල කාලය අවසන් වූ අතර, ඉදිරි නිලවරණය තෙක් නව අතුරු පාලක කමිටුව එහි පරිපාලනය සිදු කරනු ඇති.

කෙසේවෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමකට මුහුණ දෙන්නට සිදුවන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්