තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ රාජාංගනය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභපති සාගර කාරියවසම් මහතා මේ බව සදහන් කරයි.

අදාළ මුදල් කොල්ලකෑමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ ඊයේ දින ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

පෙරේදා දහවල් තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීමට පැමිණි ව්‍යාපාරිකයෙකුගේ අත තිබූ රුපියල් ලක්ෂ 223ක මුදලක් ආයුධ සන්නධව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කොල්ල කා පළා යාමට තැත් කර තිබුණි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්