තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ හටගත් ගින්න හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව හට කඩිනම් සහන ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

 

ඒ අනුව ජනාධිපති   ලේකම් සමන් ඒකනායක මහතා හා සම්බන්ධ වූ රනිල් වික්‍රමසිංහ මහතා   ත්‍රිවිධ හමුදාපතිවරුන්ට, කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට සහ අදාළ බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙසට උපදෙස් ලබා දෙන මෙන් ලේකම් වරයාට දැනුම් දී තිබේ.

 

ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ පාර්ශ්ව වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර මේ වන විටත් ගිනි නිවන හමුදාව හා එක්ව එම ගින්න මඩ පැවැත්වීමට ඔවුන් සමත්ව ඇත.

 

ඊයේ (27) රාත්‍රියේ  තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ හටගත් විශාල ගින්න හේතුවෙන් එක පෙළට පිහිටි නිවාස 50 ක් පමණ මුළුමුනින්ම විනාශ වූ අතර, එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිණි නිවන රථ 12 ක් උපයෝගී කර ගෙන තිබේ.

 

මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති අතර, තුවාල කරුවන් හෝ වෙනත් ආපාදා සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නොමැත.

 

http://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්