ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගෙන තිබෙන බව වාර්තා වේ.

ඊයේ දිනයේදී අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදුකෙරුනි.

එහිදී කණ්ඩායම් 4ක් වෙනුවෙන් මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරා ගැනුණු අතර දසුන්ට අමතරව භානුක රාජපක්ෂ සහ මහීෂ් තීක්ෂණ ද චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නොදර්න් වොරියර්ස් කණ්ඩායම සිය ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත් තෝරාගෙත් අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ දුෂ්මන්ත චමීර නොදර්න් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අනෙක් ක්‍රීඩකයායි.

එමෙන්ම ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තෝරාගැනුණි.

මේ අතර ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සුදුසුකම් ලැබුවේ තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායමක් වන මොරිස්විල් සෑම්ප් ආර්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහාය.

එළඹෙන නොවැම්බර් මස 23 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 6වන අදියර සඳහා කණ්ඩායම් 8ක් පැවැත්වීමට නියමිතය.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්