රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නවක වධය කළ බවට ඔප්පු වන සිසුන් අසාදු ලේඛනගත කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන්ද්‍ර රාඝවන් පවසයි.

එහිදී වැරදිකරුවන් වන සිසුන්ගේ පන්ති තහනම් කිරීමටත්, උපාධිය අවලංගු කිරීමට ත්, දේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතුවලට ඉඩ නොදීමටත් පියවර ගන්නා බවද ඊට අමතරව මොවුන්ට රජයේ රැකියාවක යෙදීමට නොහැකි වන අයුරින් අසාදු ලේඛනගත කිරීම සඳහා නීතිඥයන්ගේ සහය ලබා ගන්නා බවද ඔහු කියා සිටී.

පසුගිය වසරේදී විවිධ ආතති හේතුවෙන් විශ්වවිද්‍යාල හැර ගිය 73 දෙනෙකු යළි කැඳවීමට පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාලයන්හි ක්‍රියාත්මක වන නවක වධය මුළුමනින් ම පිටුදැකිය යුතු බව ත් ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර ගැනීමට වර්තමානයේ ක්‍රියාත්මක වන නීති ප්‍රමාණවත් බව කියා සිටි ඔහු විශ්වවිද්‍යාල තුළ මෙවැනි සිදුවීම් ක්‍රියාත්මක කරන ශිෂ්‍යයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බවත් විශ්වවිද්‍යාල මාධ්‍යවලට විවෘත වියයුතු බව ත් රාජ්‍ය ඔහු පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වධයට සම්බන්ධ සිසුන්ට ද නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බව ද ඔහු සදහන් කරයි.

එම විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටි සිසු සිසුවියන් 11 දෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් කලා පීඨයේ සිසුන් තිදෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන තිබෙන බව ඔහු පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්