පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම විසින් ඊයේ (22) පන්දු වාර විස්සයි විස්ස තරගයක දී පළමු කඩුල්ල සඳහා ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූවා.

 

 ඒ, එංගලන්තය සමඟ කරච්චි නුවර පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී පළමු කඩුල්ල සඳහා ලකුණු 203ක සබඳතාවක් වාර්තා කරමිනුයි.

 

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු වාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 199ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානු කණ්ඩායම  පන්දු තුනක් ඉතිරි ව තිබිය දී ළකුණු 203ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කරනු ලැබුවා.

 

ජයග්‍රහණය හඹා ගිය පකිස්ථානු කණ්ඩායමේ නායක බාබර් අසාම් විසින්  පන්දු 66ක දී ලකුණු 110ක් වාර්තා කරද්දි  මොහොමඩ් රිස්වාත් විසින්  පන්දු 51ක දී ලකුණු 88ක් රැස් කරනු ලැබුවා.

 

මෙලෙස ඔවුන් විසින් ඊයේ (22) බිඳ හෙලනු ලැබුවේ පසුගිය වසරේ ඔවුන් දෙපළම විසින් පළමු කඩුල්ල සඳහා ළකුණු 97 ක් වාර්තා කරමින් තැබූ ලෝක වාර්තාවයි.

 

දකුණු අප්‍රිකාව හා පකිස්ථානය ආතර පැවති එම තරගයේදි ඔවුන් දෙදෙනා විසින් ළකුණු 97 වාර්තා කරනු ලැබුවා.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්