අද (23) චීනයේ සිට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණිමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

මාස 06 කට ප්‍රමාණවත් ජලභීතිකා එන්නත් තොගයක් ද එම ඖෂධ තොගයට ඇතුළත් ව ඇති අතර වකුගඩු රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඹෟෂධ තොගයක් ද එම ගුවන් යානයෙන් මෙරටට රැගෙන එනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්ද්‍රානි මහතා සඳහන් කරයි.

රුපියල් මිලියන 500 කට ආසන්න වටිනාකමින් යුත් එම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙරටට ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්