වනිඳු පිළිබඳව තමාට ඇති විස්වාසය පිළිබඳව මෙරට විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් විසින් අදහස් දක්වා තිබෙනවා.

එහිදි ඔහු සඳහන් කර සිටින්නේ එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ දී වනිඳු හසරංග හට කැපී පෙනෙන යමක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින මුත්තයියා මුරලිදරන් එහිදී පැවැති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කොට ඇති අතර එහිදි ඔහු තව දුරටත් සඳහන් කර ඇත්තේ ඔස්ට්‍රේලියානු තණතීරු තුළ පා දඟ පන්දු යවන්නන්ට වැඩි අවස්ථාවක් ඇති බැවින් ලොව සෑම පිතිකරුවකු ම වනිඳු හසරංග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බවය.

එමෙන්ම වනිඳු හසරංග විසින් ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය තුළ පෙන්වූ දස්කම් ඒ ආකාරයෙන්ම ඔස්ට්‍රේලියානු තරගාවලිය තුළ දී පෙන්වුවහොත් එය අනෙකුත් කණ්ඩායම්වලට බරපතළ අභියෝගයක් වනු ඇති බවට ඔහු සඳහන් කර සිටියා.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්