යාපනයේ ඇති  වී වගාව සඳහා භාවිතා  කළ හැකි හෙක්ටෙයාර් 3054ක ඉඩම් ප්‍රමාණයක්  මෙවර මහ කන්නයේ දී වගා කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවති.

 

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහතා විසින් මේ බව සඳහන් කර සිටි අතර එහිදි ඔහු තව දුරටත් නිලධාරීන් වෙත අවධාරණය කර සිටියේ වන සංරක්ෂණ සීමා ආසන්නයේ තිබෙන එහෙත් කිසිදු ගසකට හානියක් නොවන අයුරින් මුංඇට, කව්පි, හා උඳු වැනි බෝගවර්ග වගා කිරීම සඳහා  සුදුසු ඉඩම් හඳුනාගෙන ඒවා වගාව සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙසයි.

 

එමෙන්ම එළඹෙන මහ කන්නයේ දී පළමුවෙන්ම යුරියා පොහොර මෙට්‍රික් ටොන් 200ක් යාපනය දිස්ත්‍රික්කයට ලබා දුන් බව කී අමාත්‍යවරයා මහ කන්නය අස්වනු සාර්ථක කර ගැනීම සඳහා උතුරේ ජනතාවගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ඉල්ලා සිටියේය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්