වීරඹුගෙදර, රංජනගමුව ප්‍රදේශයේ රංජනගම වැවේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.

ඊයේ (සැප්. 21) සවස් කාලයේදී මළ සිරුර සොයාගෙන ඇති අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.

මරණකරු වයස අවුරුදු 50ක් පමණ වන උස අඩි 5යි අඟල් 4ක් පමණ වන පුද්ගලයෙක් වන අතර කළු පැහැති අත් කොට කමිසයක් සහ සුදු පැහැති දිග කලිසමක් ඇඳ ඇති බවට පොලිසිය පවසයි.

මෘත ශරීරය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්