ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ  කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සම්බන්ධයෙන් මේ වන තෙක් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර නොමැති බව හා ඊට එකතු කිරීම් සහ සංශෝධන එක් කළ පසු කැබිනට් මණ්ඩලය, විපක්ෂය සහ පාර්ලිමේන්තුව දැනුවත් කරන බව වාර්තා වේ. 

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ බව  අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

 

මෙහිදි ඔහු තව දුරටත් කියා සිටියේ, මෙම ගිවිසුම සම්බන්ධයෙන් ණය හිමියන් සමග සාකච්ඡා අවසන් වූ වහාම කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇති බවයි.

 

කෙසේ වෙතත් එයට ප්‍රතිචාර දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා , කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට පෙර එම ගිවිසුම පාර්ලිමේතුවට ඉදිරිපත් කළ යුතු බව කියා සිටියේය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්