පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අංජන කුලතුංග නමැති සිසුවාගේ සිරුර ඊයේ (21) පස්වරුවේ මහවැලි ගඟේ තිබියදීයි හමු වී තිබෙන බව වාර්තා වේ.

ගම්පහ – යක්කල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියෙහි පසුවන මෙම ශිෂ්‍යයා පසුගිය 16 වැනි දින සිට අතුරුදන් ව ඇති බවට පේරාදෙණිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය සිසුවා සෙවීමෙ මෙහෙයුම් ආරම්භ කොට තිබුණි.

එම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන තිබුණි.

ඔහුගේ මුදල් පසුම්බිය, ජංගම දුරකතනය, ලැප්ටොප් පරිගණකය හා ඇස් කණ්ණාඩි යුගල ඔහු නවාතැන් ගෙන පැණිදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරය තුළ සොයා ගැනීම නිසා මොහු දිවි නසා ගන්නට ඇතැයි තදබල සැකයක් ඇති වී තිබිණි.

 

මෙන්න බලන්න තවත් පුවත්